Lanka You News
රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වේ

දශක හතරකට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගී හඩින් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

 

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි. 

 

1975 වසරේ පමණ සිය පූර්ණ කාලීනව සංගීතයට පිවිසි සමන් ද සිල්වා, මෙරට සංගීත ක්ෂේත්‍රයේ  සුවිශේෂී සලකුණක්.

 

ඔහු විසින් ගායනා කරන ලද "නියරේ පියනගලා", "පුංචි කුරුළු කූඩුවේ", "එපා එපා රැවටෙනු (සුරූපී විරූපී)", "සංතෝස වෙන්න ප්‍රීති වෙන්න", "තනතිල්ල දිගේ", "පුරහඳ නැගුණා", "අයරින් ජොසපින්", "දෙව්ලොව දෙවියනේ", "හඬවලා සිතක්", "පිණිබර සීතා යාමේ" සහ "මතකයි අම්මේ" වැනි ගීත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් තුළ සදා රැදෙනු ඇත.

 

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell