Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
අද මංගලගෙ උපන්දිනේ....

අද මංගලගෙ උපන්දිනේ....

ලංකාවෙ මං කැමතිම විවිත්‍රම දේශපාලකයා මංගල. එහෙම දේශපාලන කලාපයක් මංගල එන්න කලින් තිබුනෙ නෑ. ඊට පස්සෙත් නෑ. එයා පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක්. මංගල, රැඩිකල් ලිබරල් මැද තැනක් ලංකාවෙ දේශපාලනයේ සළකුනු කළා. මංගලව මං අදුරගන්නෙ ගොඩක් කල් ඈත ඉඳන් බලන් ඉඳලා. ඒ හරිම නිර්මාණශීලී දේශපාලන චර්යාව මාව විස්මයට පත් කරපු එකක් වුනා. ඒකෙ හොඳ නරක විනිශ්චයට වඩා මං කැමති ඒ දේශපාලනයේ තිබුනු ක්‍රියේටිවිටි එකට. හැමදාම මං මතක් කරනවා වගේ මංගල කියන්නෙ පාලම් හදපු මිනිහෙක්. තාප්ප කඩන්න මිසක් හදන්න කිසි දවසක එයාගෙ පෙනී සිටීමක් තිබුනෙ නෑ. මංගලගෙ දේශපාලනයට ඉහලින් ආදරය තිබුන. එයා තමන්ව හඳුන්වාදුන්නෙ කේමාගේ පුතා කියල. අම්මාගෙ අයිතියෙන්. තාත්තාගෙ අයිතියෙන් නෙමෙයි. ඒ ස්ත්‍රීත්වය, ඒ ආදරය මංගලගෙ දේශපාලනයේ හැමතැනකම තිබුන. ඒක ලංකාවෙ දේශපාලනය කරන ගැහැණුන්ගෙවත් නැති ෆෙමිනින් දේශපාලනයක්. කාලයක් බලාගෙන ඉඳලා අවසාන කාලයේදී ඇසුරු කරන්න ලැබුනු මංගලගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතේට ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි සාදය. මංගලගේ ජීවිතය දේශපාලනය හැමදෙයක්ම සාදයක්. මිත්‍රත්වයෙන්, ආදරයෙන්, මත්වෙමින් සාකච්ඡා දිගහැරෙන රාත්‍රීන්. වාද කරමින්, එකිනෙකා පරයා නැගෙන්නට හදමින්, සත්‍ය වෙනුවෙන් සටන් වදින සාකච්ඡා නෙමෙයි. අනෙකාව තේරුම් ගන්නා, මුහුවෙනසුලු සාකච්ඡා. මංගල ඉන්න හැමතැනකම ඒ ගුණය තිබුන. තාප්ප හදන්න දෙන්නෙ නැති ගුණය. මංගල කියන්නෙ දේශපාලනයේ විපරීත පිහිටුමක්. දකුණත් වමත් අතර එහා මෙහා යන්න පුළුවන් යාත්‍රිකයෙක්. සියලු දේශපාලන න්‍යායවාදීන්ට වඩා ‍රැඩිකල් ආස්ථානයන් වෙනුවෙන් ප්‍රායෝගිකව පෙනී හිටපු අසමාන්‍යයෙක්. ජනතාව හෝ බහුතරය වෙනුවට පුද්ගලයාගේ අයිතිය, නිදහස ගරු කරන ශිෂ්ට දේශපාලනයක් වෙනුවෙන් අමාරුම ආමන්ත්‍රණයන් තෝරගත්ත සදාතනික ඉන්ස්පිරේෂන් එකක්. මංගල කියන්නෙ එක්කෙනයි. ඒ පොලිටිකල් ආර්ට් එක දැක්කෙ එච්චරයි.

 

 

 **(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)

 

2025 අප්‍රේල් 21**

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්