Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
 විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත්ව නැත්නම් 1987 ට කියන්න

විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත්ව නැත්නම් 1987 ට කියන්න

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ඊයේ (29) රාත්‍රී 8.00 සිට අද (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ විදුලි බිඳ වැටීම් සම්බන්ධව පැමිණිලි 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ ලැබී ඇති විදුලි බිඳ වැටීම් පැමිණි අතුරින් මේ වන විට 14,030කට ආසන්න ප්‍රමාණයක් පිළිසකර කර විසඳා ඇති බවය.

 

එමෙන්ම අනෙකුත් බිඳ වැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව පැය 24ක කාලය තුළ දිවයින පුරාම එම විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

 

විදුලි බිඳවැටීම් අතුරින් මධ්‍යම සහ බස්නාහිර පළාත තුළ වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයිද ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.

 

එමෙන්ම මේ වන විටත් විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් වී නොමැති නම් හෝ විදුලි රැහැන් කඩා වැටීම් ආදි සිදුවීම් වාර්තා වන්නේ නම් විදුලි බල මණ්ඩලයේ 1987 අමතා දැනුවත් කරන ලෙසත් විදුලි බල මණ්ඩලයේ CEB Care ජංගම යෙදුම මගින් හෝ ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt