Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
දළදාව පාස්කුව අතර අමතක වෙලා ගිය 420 දවස අද | Chinthana Dharmadasa

දළදාව පාස්කුව අතර අමතක වෙලා ගිය 420 දවස අද | Chinthana Dharmadasa

කංසා වෙනුවෙන් බැතිමතුන් වන්දනාවෙ යෙදෙන දවස. ඒ පුංචි පැලය ඉතිහාසයක් පුරා තහනම් අතර සාමය බෙදමින් ගිය කතාව මෙනෙහි කරන දවස. සතුට, සමාධිය කැඳවන සැහැල්ලු දුම්වළලු සිහිපත් කරන දවස. පොලිස් නීති මැද්දෙන් ආදරය හොයාගෙන පන්දම් දල්වන උන්ගෙ අප්‍රකට ඉතිහාසයක් සටහන් කරන දවස. ලෝකයම කංසා නිදහස් කරද්දීත් අපේ රටේ ළිංමැඩියන් විද්‍යාව නමින් අවිද්‍යාව වපුරමින් ගිනි තියන අ-හිංසක පැලයක අනුස්මරණීය දවස අද. ඒ තහනම් පැලය මගේ ජීවිතේට දීපු දේවල් බොහෝමයි. ඒ ඇසුරෙන් විඳපු දේවල් බොහෝමයි. කවදාක හෝ මේ නිවැරදිකාර පැලෑටිය නිදහස්ව එනතුරා බලන් ඉන්න ඇගේ ආදරවන්තයින්ගෙන් කෙනෙක් මම. (උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..) 2025 අප්‍රේල් 20)

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt