Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පාස්කු ප්‍රහාරයේ FBI වාර්තාව

පාස්කු ප්‍රහාරයේ FBI වාර්තාව

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිදුකල දීර්ඝ විමර්ශනයෙන් පසු එරට අධිකරණය වෙත 2020 දෙසැම්බර් 11 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ දීර්ඝ දිවුරුම් ප්‍රකාශය පුවත්පත් අතිරේකයක් ලෙස 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' පුවත්පත් විසින් ප්‍රසිද්ධ කර තිබේ. වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ අනෙකුත් සාක්ෂි සවිස්තරාත්මකව විග්‍රහ ඇතුලත් මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin විසින් ඇමෙරිකානු FBI ආයතනය සිදුකළ මහා පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇත. ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ මෙම විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශය මගින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් හාෂිම් බවට අනාවරණය කර ඇත.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt