Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂණ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 
 
 
එය නිකුත් කර ඇත්තේ, ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් යුතුවයි. 
 
නව ගැසට් පත්‍රයට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මහ සැරයන් සහ ඊට පහළ තනතුරු මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පවරා තිබේ. 
 
 
ඒ අනුව පොලිස් කොමිසමේ අනුමැති අනුව සිය බලතල ප්‍රදේශවල ස්ථාන මාරුවීම්, වැඩ තහනම් කිරීමේ කටයුතු සහ විනය පාලන කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය හිමි වනු ඇති. 
 
 
සහාකාර පොලිස් අධිකාරිවරුන්ට ද සිය බල ප්‍රදේශවල විනයශාලා දඩුවම් නියම කිරීම් සහ වැඩ තහනම් කිරීමේ බලය හිමි වේ.
 
 

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt