Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දීමනා අරන්! ජනවාරියේ මැතිසබේ සමස්ත වියදම ලක්ෂ 720 යි

ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දීමනා අරන්! ජනවාරියේ මැතිසබේ සමස්ත වියදම ලක්ෂ 720 යි

පසුගිය ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සමස්ත වියදම් රුපියල් ලක්ෂ 720 ඉක්මවා ඇතැයි වාර්තා වේ. අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා එහි නියෝජ්‍ය ඇමතිවරුන් සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශය මගින් පමණක් ගෙවනු ලබන මාසික වියදම් ප්‍රමාණය රුපියල් මිලියන 15 ඉක්මවයි. කාර්යාල වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 5 ක්ද, දුරකථන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 2.5 ක්ද වෙන් වී තිබෙන අතර, ඉන්ධන ගාස්තු වෙනුවෙන් ලබා දී ඇති මුදල රුපියල් මිලියන 6.1 කි. මේ සඳහා අතිරේක ප්‍රවාහන දීමනා වශයෙන් වෙනම රුපියල් 750,000 ක්ද ගෙවා තිබේ. ඒ පැමිණීමේ දීමනාවට අතිරේකව බවයි වාර්තා වන්නේ. නවක මන්ත්‍රීවරුන්ට රුපියල් 54,285 ක මාසික දීමනාවක් සිය මන්ත්‍රී අසුන වෙනුවෙන් හිමි වන අතර, පාර්ලිමේන්තු මාසික වියදම් වාර්තාව අනුව මේ සියලු දීමනා එම මන්ත්‍රීවරුන් විසින් ලබාගෙන ඇතැයි පැවසෙන අතර ඒ සමස්ත වියදම රුපියල් 9,337,020 ක් වේ. රුපියල් ලක්ෂය බැගින් වන කාර්යාල දීමනාව ලෙස, සාමාන්‍ය මන්ත්‍රීවරුන් 172 විසින් රුපියල් ලක්ෂ 172 ලබාගෙන ඇති අතර, එම සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සමස්ත ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්ෂ 230 ක් පාර්ලිමේන්තුව විසින් ගෙවා තිබේ. ඊට අමතරව රුපියල් 50,000 බැගින් වූ දුරකථන දීමනාව ලෙස රුපියල් ලක්ෂ 86 ක් ද, රුපියල් විසිපන් ලක්ෂ අසූදහසක මුදලක් ප්‍රවාහන ගාස්තු ලෙස අතිරේකවද දරා තිබේ. රුපියල් දහස බැගින් වූ පැමිණීමේ දීමනාවක්ද, පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලදී එහි සහභාගීත්වය තහවුරු කරමින් අසුන්ගැනීමේ දීමනාවක්ද, එක් මන්ත්‍රීවරයෙකුට දිනකට රුපියල් 3,500 බැගින් වූ රියදුරු දීමනාවක්ද, විශේෂ කමිටු සඳහා සහභාගී වන ගෙවීම්ද ඇතුළුව තවත් රුපියල් මිලියන 3 ක වියදම් ද මීට අන්තර්ගත වී තිබේ.

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt