Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටව ගොස් තිබේ.

 

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

 

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell