Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටේ

ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටේ

කොළඹ ජාතික රෝහලේ පැක් සිස්ටම් හෙවත් තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය සති 2 ක සිට බිඳවැටීමකට ලක්ව ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. 

 

මෙම තත්ත්වය හමුවේ රෝගීන්ට විකිරණ පරීක්ෂණ සඳහා දින ලබාදීම ද නවතා දමා බැවින් එම පරීක්ෂණ සිදු කිරීම ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

අනවශ්‍ය දත්ත ප්‍රමාණයක් එම පද්ධතියට එකතු කිරීම මඟින් එහි වියදම අධික වීම සහ මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි විමර්ශනයක් සිදු නොකිරීම මෙම තත්ත්වය ඇති වීමට හේතුවක් බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පෙන්වා දෙන්නේ.

                    

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell