Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
පිළිගැනීමේ උත්සවයේදී මෝදිට හමුවූ ගුජරාටයේ අසල්වැසියා

පිළිගැනීමේ උත්සවයේදී මෝදිට හමුවූ ගුජරාටයේ අසල්වැසියා

දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීම වෙනුවෙන් ඊයේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවතී උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය කණ්ඩායම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට හඳුන්වා දෙන ලදී. එහිදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා හඳුන්වාදෙන අවස්ථාවේ ඔහු සමඟ මෝදි මද වේලාවක් පිළිසඳරේ යෙදෙන ආකාරය දක්නට ලැබුණි. එහිදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හින්දි භාෂාවෙන් ප‍්‍රකාශකර තිබුණේ තමන්ට ගුජරාටයට සම්බන්ධයක් ඇති බවයි. ඉන් පුදුමයට පත්වූ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා තිබේ. තම සීයා ගුජරාටයේ පෝබන්දර් ප‍්‍රදේශයේ බව හනීෆ් යූසුෆ් මහතා පවසද්දි මෝදි අගමැතිවරයා අනුර ජනාධිපතිවරයා දෙස හැරී පවසා තිබුණේ මහත්මා ගාන්ධිතුමන් ද පෝබන්දර් ප‍්‍රදේශයේ බවයි. එවිට හනීෆ් යූසුෆ් මහතා පවසා තිබුණේ තම සීයා අවිහිංසාවාදී සටනේදී මහත්මා ගාන්ධිතුමන් සමඟ ඉතා සමීපව කටයුතු කළ අයෙක් බවයි. ඒ බව අසා සතුටින් සිනාසුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තම උපන්බිම ද ගුජරාටයේ වද්නාගර් බවත් එය පෝබන්දර්හි අසල්වැසි ගම්මානයක් බව ද පවසමින් ඔහු හමුවීම පිළිබඳ සිය සතුට පළකර තිබේ.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්