ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබේ.
මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3 කි.
මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයකි.
2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය වේ.
2024 සමස්ත වර්ෂය තුළ දී ඩොලර් මිලියන 6,575.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක්, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබුණි.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්