Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටා ඇත

කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටා ඇත

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඊයේ නියමකර තිබුණා. ඒ අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මේ අදාළ තරුණයාගේ මරණය පිළිබද, තුෂාර නිරෝෂණ පුංචිහේවා තබා තිබූ ෆේස්බුක් සටහනක්. * * * ශ්‍රී ලංකා පොලීසියට එදාමෙදාතුර මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගයට මුහුණ දීමට තව නොබෝ දිනකින් සිදුවනු ඇත. නව රජය යටතේ සිදුවීමට නියමිත පොලිස් සේවාවේ පරිවර්තනීය වෙනසට විශාල වශයෙන් බලපාන සාධකය මේ පරීක්ෂණය වීම බව මා ටක්කෙටම ප්‍රකාශ කරමි. වසර හැත්තෑවකට අධික කාලයක් පැවති දේශපාලනික වයිබය තුල පුරවැසියාට කිසිදු වටිනාකමක් ආරෝපණය වී නොතිබුනි . පුරවැසියා ඡන්දය සමයේ භාවිතා කිරීමට හැකි එක් මෙවලමක් වශයෙන් භාවිතා වූවා විනා පුරවැසි අයිතීන්ට කිසිදු වටිනාකමක් මේ රට තුල තිබුණේ නැත. දේශපාලකයන්ගේ එම සිතුම් පැතුම් සහ ආකල්ප රාජ්‍ය සේවයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවටද පැමිණීම රාජ්‍ය සේවයේ හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ වරදක් නොවන අතර පුරවැසියාගේ ජීවිතයට ගෞරවණීයත්වයක් නොමැති දේශපාලනික වපසරියක් තුල ඊට සාපේක්ෂව රාජ්‍ය තුල සියළුම බලවේගයන් ක්‍රියාත්මක වූවේ අතිශය ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් විනා පුරවැසියා යනු ගෞරවණීය චරිතයක් බව දනවන හැඟීමක් තුල නොවේය. මේ මIර ණයටද හේතුව වෙන කිසිවක් නොව පුරවැසියකු සතු අයිතීන් හෝ පුරවැසියකු සතු ගෞරවය පිළිබඳව ඇති පහත් මට්ටමේ ආකල්ප ක්‍රියාත්මක වීමක් බව පරීක්ෂණයෙන් අනතුරුව පැහැදිලි වනු ඇත. මා යටකී පොලිස් දෙපාර්තමේන්තුවේ පරිවර්තනීය වෙනස සිදුවන්නේ ආකල්පමය වෙනසක් වීමට අවශ්‍ය "පුරවැසියාට වඩා ප්‍රභල කිසිවෙකු නොමැත" යන සංකල්පය තුල හිඳිමින් පුරවැසියාට වගකියන රජයක ඉහල පුටුවේ සිට පහළට අභිමානවත් බව හා ගෞරවණීය බවට පුරවැසියන්ට ලබාදෙන ආකල්පමය වෙනස හරහාය. ලොව සිටින අතිශයින්ම භයංකර සත්වයා තම පැටියාට අනතුරක් බව දුටුවිට ක්‍රියාත්මක වන මව නම් වූ සත්වයාය. පෞද්ගලිකව මා කිසිදු මොහොතක මවක සහ දරුවා අතර ඇති සම්බධයක් අභියෝගයට ලක් කරන්නේ නැත. මගේ ජීවිතයේ ගත් බොහෝ තීරණ මා තනිවම ගත් තීරණ වන අතර කිසිවකුට කිසිදු ආකාරයකින් ඒවාට බලපෑමක් කිරීමට නොහැකි තරමට ඒ සියළුම සම්බන්ධතා අතර පරතරය මා ආරක්ශා කරගැනීමට තරම් මා ප්‍රවේසම් උනෙමි. මාගේ තීන්දු තීරණ වලට බලපෑම් කලහැකි චරිත තිබුණේ දෙකක් පමණි. ඒ මාගේ මව සහ මගේ පුතාගේ මව පමණි. මා ඇය බිරිඳ ලෙස හඳුන්වා නොදෙමින් පුතාගේ මව ලෙස හඳුන්වා දුන්නේ ඇය මාගේ ගෞරවය නිතැතින්ම ලබාගත්තේ අම්මාගේ චරිතය තුල ඇය දැක්වූ අතිශය පරිණත භාවය නිසාවෙන් සහ " අම්මා" යන සන්නාමයට මා කුඩාකළ සිටම ඇතිකරගෙන ඇති ගෞරවණීය හැඟීම තුල සිටය. සරලවම ප්‍රකාශ කරහොත් මගේ බිරිඳට වඩා විශාල බලපෑමක් මගේ පුතාගේ අම්මාට මට කල හැකිය . ඒ අම්මලා සහ පුතාලා අතර ඇති අතිශය ගැඹුරු බැඳීමේ හැටිය. ඒ බැඳීමේ ගැඹුර ඉතාමත් හොඳින් අත්විඳින මා කිසිම අවස්ථාවක කිසිදු අම්මා කෙනෙකුගේ සහ පුතෙකුගේ අතර ඇති බැඳීමක් අභියෝගයට ලක් කරන්නේ නැත. එය මගේ පුතාගේ සහ ඔහුගේ මවගේ ඇති බැඳීමටද එමමය. ඒ බැඳීම තුල තාත්තා වශයෙන් මා කොතරම් අසාධාරණයට ලක් වුවද අබමල් රේණුවකින් වත් එය අභියෝගයට ලක් නොකරන්නේද එබැවිනි. කොට්ටෝරුවා කෙසෙල් පඳුරට ඇන ඇති බව මා ප්‍රකාශ කරේ අම්මාවරුන්ගේ ඒ අතිශය දරු දුක ගැන මා හොඳාකාරවම දන්නා බැවිනි. වසර විස්සක් රට වෙනුවෙන් යුධ බිමේ සටන් කල ඇය තම දරුවාගේ යුතුකම වෙනුවෙන් සටන් නොකරාවි යැයි සිතීමම මුග්ධ කමකි. සටන සඳහා ඇය පන්නරය ලබා අවසන් ය. ඇය සමස්ත රටෙන්ම සිය දරුවාට වූ කෲර අසාධාරණය වෙනුවෙන් ගේම ඉල්ලනු ඇත. එය අසාධාරණයට ලක්වන සියළුම අම්මාවරුන් වෙනුවෙන් වන ජාතික සටනක් බවට පරිවර්තනය වනු ඇත. අම්නෙකුගේ දරුවන් පිළිබඳව වන වගකීම පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව සමස්ත රටේම බහුතරයක් අවබෝධ කරගනු ඇත. එබැවින් මේක ලේසි පහසු ගේමක් නොවනු ඇත. රටේ සියළුම අම්මාවරුන්ට ජය ප්‍රාර්ථනා කරන අතර අගතියට පත් ඒ අම්මාටද සාධාරණය ඉක්මනින් ලැබේවා ලෙස ප්‍රාර්ථනා කරමි.

ජය ✌

ස්තුතියි

සටහන - තුෂාර නිරෝශන පුංචිහේවා

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්