Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
 සිරි දළදා වන්දනාව නිමාවෙයි

සිරි දළදා වන්දනාව නිමාවෙයි

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව අද (27) පස්වරුවේ සාර්ථකව අවසන් විය.

 

අද දිනයේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවූ බවයි වාර්තා වෙන්නේ.

 

වසර 16 කට පසු දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව පසුගිය 18 වනදා සිට උදා වූ අතර ගතවූ දින 10 ක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වන්දනාව සඳහා එක්ව තිබුණි.

 

"සිරි දළදා වන්දනාව" අද පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද අද පස්වරුවේ ආරම්භ කර තිබුණි.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්