Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
උත්සව සමයේ එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට

උත්සව සමයේ එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් පවසනවා. ඒ අනුව, බෝංචි කිලෝවක් රු.600-700, බටු කිලෝවක් රු.600, කැරට් කිලෝවක් රු.400, නුවරඑලිය අල කිලෝවක් රු.600, තක්කාලි කිලෝවක් රු.800 ක් සහ අනෙකුත් සෑම එළවලුවක්ම රු.400ත් 500ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවයි එම වෙ‍ළෙදුන් කියා සිටියේ. එමෙන්ම පොල් මිල රු.180 සිට රු.220 දක්වා වූ සිල්ලර මිලකට අලෙවි වන අතර, ඇඹුල් සහ සීනි යන කෙසෙල් කිලෝවක මිල රු.160කට අලෙවි කරනු ලබනවා. පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතයත් එළවලු මිල ඉහළ යාමට හේතුවක් වූ බවයි වෙළෙදුන් කියා සිටියේ.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්