ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළ ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි. මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත. කොළඹ රන් වෙළෙඳපොළ අද ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500 ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000 ක් දක්වා ඉහළගොස් තිබේ.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්