ලංකාවෙන් පිටත ලෝකයේ කොතැනක සංචාරය කළත්, රැකියාවක් කළත්, පදිංචි වුණත් ලාංකිකයින්ට සිය කටයුතු පහසු කරවන වඩාත් සමීප ජංගම දුරකථන යෙදවුමක් පසුගියදා හඳුන්වා දුන්නේය. WESL හෙවත් අපි ශ‍්‍රී ලංකා නමැති මෙම ජංගම දුරකථන යෙදවුමේ නිර්මාතෘවරයා වන්නේ ඉතාලියේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකුවන ජූඞ් අර්ඞ්ලි මහතාය. නව දුරකථන යෙදවුම හඳුන්වා දෙමින් ජූඞ් අර්ඞ්ලි මහතා පැවසුවේ මෙම නව ජංගම යෙදවුමේ විනිවිසභාවය හේතුවෙන් විදෙස් රටවලදී ලාංකිකයින්ට මුහුණදීමට සිදුවන වංචා සහගත සිදුවීම්වල යම් අඩුවක් පෙන්නුම් කළ බවයි. ලොව ඕනෑම නගරයකට ගොස් ශ‍්‍රී ලංකා ජාලය පිළිබඳ මෙමගින් තොරතුරු ලබාගත හැකිය. එමගින් එම නගරයේ ව්‍යාපාර සිදුකරන ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සපයන අතර අතරමං වුණු අස්ථාවක වුවද ශ‍්‍රී ලාංකිකයෙකු සිටින ආසන්නතම ප‍්‍රදේශයක් පිළිබඳ තොරතුරු සපයන බවයි WESL නිර්මාතෘ ජූඞ් අර්ඞ්ලි මහතා පැවසුවේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ප‍්‍රියංකර නම්මුනිගේ මහතා මෙහිදී සඳහන් කළේ යුරෝපයේ සිටින බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීම, වාහනයක් මිලදී ගැනීම වැනි කටයුතුවලදී දුෂ්කරතා රැසකට මුහුණදෙන බවයි. නමුත් මෙම නව ජංගම දුරකථන යෙදවුම මගින් ඒ පිළිබඳ පහසුවෙන් තොරතුරු ලබාගත හැකියි. ලංකාවෙන් වෙනත් රටකට යන ලාංකිකයින්ට ද WESL දුරකථන යෙදවුමට පිවිසීමෙන් තමන් සිටින ප‍්‍රදේශය පිළිබඳ සහ අනෙකුත් කරුණූ පිළීබඳ ආරක්ෂා සහිතව තොරතුරු ලබාගත හැකියි. එමෙන්ම විදෙස් රටවල ස්ථිර පදිංචි ශ‍්‍රී ලාංකියින්ට ද ශ‍්‍රී ලංකාවේ පුවත්පත්, ප‍්‍රවෘත්ති සේවා සහ චිත‍්‍රපට නැරඹීමේ අවස්ථාව ද සලසා ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ප‍්‍රියංකර නම්මුනිගේ මහතා සඳහන් කළේ.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්