AI (කෘත්‍රිම බුද්ධිය) මෙවලම් භාවිත කරන චිත්‍රපටද ඔස්කාර් සම්මාන සඳහා සුදුසුකම් ලැබිය හැකි පරිදි නීති යාවත්කාලීන කර ඇති බව එම උළෙලේ සංවිධායක චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය (The Academy of Motion Picture Arts and Sciences) පවසයි.
කෙසේවෙතත්, ඇකඩමිය එක් ප්‍රධාන කරුණක් අවධාරණය කර ඇති අතර, ඔවුන් පවසන්නේ, මානව නිර්මාණශීලිත්වය තවමත් එම ක්‍රියාවලියට නායකත්වය ලබාදිය යුතු බවයි.
එමෙන්ම ඇකඩමිය ප්‍රකාශ කර ඇත්තේ, චිත්‍රපටයක් නම් කිරීමේ අවස්ථාවට AI තාක්ෂණය උපකාරයක් හෝ හානියක් නොකරන බවයි.
ඇකඩමියේ විද්‍යා හා තාක්ෂණ කවුන්සිලයේ සමාලෝචනයකින් පසුව මෙම තීරණයට එළඹ ඇතැයි ද වාර්තා වේ.
මීට අමතරව, සියලුම ඇකඩමි ඡන්දදායකයන් නිර්දේශ වූ සෑම චිත්‍රපටයක්ම නැරඹිය යුතු අතර, ඔවුන්ට එම කාණ්ඩයේ අවසන් වටයේ ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ඉන් අනතුරුවයි.
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell