Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය

තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද ආරම්භ විය.

 

ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන්.

 

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38 යි ඒක් පන්දුවක් තුළදී සියළුදෙනා දැවී ලකුණු 147 ක් රැස් කළේය.

 

හසිනි පෙරේරා ලකුණු 30 යි. කවිෂා දිල්හාරි ලකුණු 25 යි.

 

පන්දු යැවීමේදී ස්නේ රානා ලකුණු 31 ට කඩුළු 3 ක් දවා ගැනීමට සමත් විය. 

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු වාර 29 යි පන්දු 4 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 149 ක් රැස් කරගනිමින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

 

ප්‍රතිකා රාවල් නොදැවී ලකුණු 50 ක්ද, හාර්ලීන් ඩියෝල් නොදැවී ලකුණු 48 ක් ද රැස්  කළහ.

 

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 31කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

 

තරගයේ හොදම ක‍්‍රීඩිකාව ප‍්‍රතිකා රාවල්.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්