Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
දකුණු ඉරානයේ ප්‍රධාන වරායක පිපිරීමක් - 500 කට තුවාල

දකුණු ඉරානයේ ප්‍රධාන වරායක පිපිරීමක් - 500 කට තුවාල

ඉරානයේ ටෙහෙරාන් අගනුවරට දකුණින් පිහිටි ඉරාන වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් හි දැවැන්ත පිපිරීමක් හා ඉන් අනතුරුව හටගත් ගින්නකින් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.

 

ඉරාන රේගු අධිකාරිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ රටේ වරාය සහ සමුද්‍රීය සංවිධානයට අනුබද්ධ සිනා බහාලුම් අංගනයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

 

ටෙහෙරානයේ සිට වාර්තා කරන අල් ජසීරා හි ජනමාධ්‍යවේදී ටොහිඩ් අසාඩි ඉරාන රාජ්‍ය ජනමාධ්‍ය උපුටා දක්වමින් පවසන්නේ, තුවාල ලැබූ සංඛ්‍යාව 500 ඉක්මවා ඇතැයි මේවනවිට වාර්තා වී ඇති බවයි.

 

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්