පාකිස්තානයේ ලාහෝර් හී පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපොළේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන් තොටුපොළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් තොටුපොළ බළධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් ගොඩබෑමේදි එහි ටයරයක් ගිනි ගෙන ඇති අතර ඉන් මෙම ගින්න හට ගෙන ඇති බව ගුවන් තොටුපොළ බළධාරීන් සැක පළ කරයි.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ යොමු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්