ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය කිලෝමීටර 10 ක් පමණ ගැඹුරින් සිදු වූ අතර උතුරට ටැම්වර්ත් සහ දකුණේ කැන්බරා දක්වා දැනුණු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එහි කම්පනය ඔස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell