එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයෙන් අයර්ලන්තයට ඒරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා "A" කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය "A" කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්තය "A" කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 192ක් රැස්කළේය. පන්දු යැවීමේදී, ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක කඩුලු 4 ක් ද, තරිඳු රත්නායක එක් කඩුල්ලක් ද, මිලාන් රත්නායක කඩුලු 2 ක් ද, දුෂාන් හේමන්ත කඩුලු 3 ක් ද දවා ගත්හ. කඩුලු 4 ක් දවා ගත් ඩිල්ෂාන් මධුශංක තරගයේ වීරයා ලෙස නම් කරන ලදී. ලකුණු 193ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා "A" කණ්ඩායම පන්දුවාර 27යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 193ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය. ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම වෙනුවෙන් නායක සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 50 ක් ලබා ගනිමින් ජයග්‍රාහී පන්දුවෙන් හතරේ පහරක් එල්ල කළේය. ලසිත් ක්‍රොස්පුල්ලේ ලකුණු 53 යි. පන්දු යැවීමේදී අයර්ලන්තය "A" කණ්ඩායම වෙනුවෙන් නායක ගැවින් හෝයි කඩුලු 03ක් දවාගත්තේය.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්