ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත් විය. ඒ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 9 වන ස්ථානයට පත් කරමින්. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක්, ලෝකඩ පදක්කම් 4 ක් සමගින් සමස්ත පදක්කම් 8 ක් දිනාගැනීමට සමත්විය. මෙය ආසියානු වයස අවුරුදු 18 න් පහළ ශූරතාවලියක ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවයි. තරගාවලියේ ඊයේ පැවති කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය. තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ විනාඩි 2.14.25 ක කාලයක් වාර්තා කළහ. මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය. තරගාවලියේදී රන් පදක්කම් 19 ක්, රිදී පදක්කම් 12 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3 ක්, රිදී 3 ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3 ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2 ක් දිනාගනිමින්ය.
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell