වයස අවුරුදු 18 න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය. කාන්තා මීටර් 800 තරගය ඇය මින්ත්තු 2.14.86 කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගත්තාය. තවද අද පස්වරුවේම පැවති පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක විසින් දිනාගත්තේය. ඒ මිනිත්තු 1.53.41 කින් සිය ඉසව්ව අවසන් කරමින්. ඒමෙන්ම නෙත්‍යා සම්පත් පිරිමි උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන තිබේ. කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට දිල්කි නෙහාරා ද සමත් විය.
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell