Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
දසුන් ශානකට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කැඳවීමක්

දසුන් ශානකට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කැඳවීමක්

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී තිබේ. ඒ තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවටය. ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් දසුන් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගෙන ඇත. දසුන් ශානක මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හර්දික් පාන්ඩ්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell