Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා "A" කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා "A" කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා "A" කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන්දි ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 248 ක් රැස්කළේය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා "A" කණ්ඩායමේ දිල්ෂාන් මධුසංක කඩුලු 4 ක් සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය. ලකුණු 249 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා "A" කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවි ලකුණු 249 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළේය. ශ්‍රී ලංකා "A" කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 129 ක් රැස්කළ අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය. ලහිරු උදාර ලකුණු 81 යි. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන "A" කණ්ඩායම වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 2ක් දවාගත්තේය.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell