Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
ක්‍රිකට් කණ්ඩායම් 6කට 2028 දී ඔලිම්පික්  වරම්

ක්‍රිකට් කණ්ඩායම් 6කට 2028 දී ඔලිම්පික් වරම්

2028 වසරේ දී අමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 6 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව සලසාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. ඒ සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන නිර්ණායක මේ දක්වා ඔවුන් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ නමුත් අමෙරිකාව සත්කාරක රට බැවින් ඔවුන්ට සෘජු ස්ථානයක් වෙන්වීමට ඉඩ ඇති අතර, සෙසු කණ්ඩායම් සුදුසුකම් 5 ලැබීමේ ක්‍රියාවලියක් මත තෝරාගනු ඇති බව සඳහන්. සෑම කණ්ඩායමකටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන්කර ඇති අතර, ඒ අනුව සෑම කණ්ඩායමකටම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14වනදා ආරම්භවන අතර, එය ජූලි 30වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව විස්සයි20 ආකෘතියෙන් පැවැත්වේ. වසර 130කට ආසන්න අතීතයක් ඇති ගිම්හාන ඔලිම්පික් උළෙල ඉතිහාසය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයවනු ඇත. අවසන් වරට ඔලිම්පික් උළෙලක දී ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ඇත්තේ 1900 වසරේදීය. එවර රන් පදක්කම මහා බ්‍රිතාන්‍ය විසින් දිනාගෙන ඇති අතර, රිදී පදක්කම හිමිව ඇත්තේ ප්‍රංශයටය.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell