Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇත. එම ගැසට් නිවේදනයට අනුව, මි.ලී. 500 - රු. 70 ලීටර 1 - රු. 100 ලීටර 1.5 - රු. 130 ලීටර 2 - රු. 160 ලීටර 5 - රු. 350 ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව අප්‍රේල් මස 01වනදා සිට කිසිම නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නෙකු විසින් මෙරට බෝතල්කළ පානීය ජලය උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell