Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
මස්ක් ඔහුගේම AI සමාගමට 'X' විකුණයි

මස්ක් ඔහුගේම AI සමාගමට 'X' විකුණයි

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X', ඔහුගේම කෘතිම බුද්ධි සමාගම වන 'xAI' වෙත විකුණා ඇත. සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත. ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක් X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබයි. කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත් වේ. මස්ක් මෙවර X අලෙවිකරන වටිනාකම ඔහු එවකට 'Twitter' ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බව විදෙස් මාධ්‍ය පවසයි. 2022 වසරේදී ඔහු 'Twitter' මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 44කටය.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell