Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කරයි

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කරයි

සමුපකාර තොග වෙළඳ සංස්ථාව ඈවර කිරීමට පසුගිය රජය ගත් තීරණය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා. 1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඇවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කොට ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ යෝජනාවක් අනූවයි.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell