අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව ප්‍රධාන දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් මැයි දින පෙළපාළි සහ රැළි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රට හදන ජන බලය පෙළගැහෙන මැයි රැළිය තේමාවෙන් ජාතික ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන්නේ ගාලුමුවදොර පිටියේදීයි. මැයි රැළිය අද පස්වරු 3 ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. විශාල ජනකායක් සහභාගී වන බැවින් මෙවර මැයි පෙළපාළියක් නොපැවැත්වීමටයි ජාතික ජන බලවේගය තීරණය කර තිබෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ යන අය ඇතුලු කිහිපදෙනෙකුම රැළිය ඇමතීමට නියමිතයි.
සමගි ජන බලවේගයේ මැයි දින රැළිය සහ පෙළපාළිය තලවකැලේ නගරයේ දී පැවැත්වේ. ඒ එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මැයි දින පෙළපාළිය පස්වරු 1 ට ලිඳුල නගර සභාව අසලින් ආරම්භ වීමට නියමිත බවයි එම පක්ෂය පවසන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදියි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
පෙරටුගාමි සමාජවාදී පක්ෂය ද මැයි රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදීයි. ඒ සඳහා වන පෙළපාළිය කොළඹ බී ආර් සී පිටියෙන් ආරම්භ කිරීමට නියමිත බවයි එම පක්ෂය පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැළියක් නොපවත්වා කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන බව සඳහන් කර තිබේ.
“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.
දෙපයින් නැගිට බලන්න”
“The great are only great because we are on our knees. Let us rise”
Pierre Joseph Proudhon