රාජගිරිය, කෝට්ටේ පාරේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයේ පිවිසුම් දොරටුව වෙත දියරයක් සහිත පාර්සලයක් විසිකර ඇතැයි වාර්තා වේ.
මෙකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන බව වැලිකඩ පොලිසිය ඊයේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත දැනුම් දුන්නේය.
සුරාබදු කොමසාරිස් කේ.ඒ.එස්.එල්. ගුණතිලක විසින් කරන ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ෂණය සිදුකරන බවයි අධීකරණය හමුවේ වැඩිදුරටත් අනාවරණය වුණේ.
ඒ අනුව මෙම සිදුවීමට අදාළ විමර්ශනයේ ප‍්‍රගතිය වාර්තා කරන ලෙස අධීකරණය වැලිකට පොලිසියට නියම කළේය.
අපි සහෝදරයන් මෙන් ජීවත් විය යුතු වෙමු. නො එසේ නම් මෝඩයන් මෙන් විනාශ වී යා යුතු වෙමු.
We must live together as brothers or perish together as fools
Martin Luther King Jr.