Lanka You News
LTTEය සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි
සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරෙන් නිවේදනයක්

සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරෙන් නිවේදනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි දැක්වෙන්නේ, "චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු." යනුවෙනි.

 

මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවත් එහි දැක්වෙයි.

 

අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සඳහන් කරයි.

දවසේ නුවණැස

අපි සහෝදරයන් මෙන් ජීවත් විය යුතු වෙමු. නො එසේ නම් මෝඩයන් මෙන් විනාශ වී යා යුතු වෙමු.

 

We must live together as brothers or perish together as fools

 

Martin Luther King Jr.