


ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණි.
තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළය.









ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt

















