දේශපාලකයන්ගේ ප්‍රකාශවලින් අල්ලස් කොමිසමට අපහාසයක් සිදුවන්නේදැයි තමා විමසිල්ලෙන් බලා සිටින බව අල්ලස් ෙහා් දූෂණ ෙචා්දනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරික සැලැස්ම ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතින් නිර්මාණය කර ඇත්තේ බලවත් අල්ලස් කොමිසමක් බවයි.
දූෂණ විරෝධී පනතේ 118 වන වගන්තියෙන් එසේ කෙරෙන අපහාස කිරීම්වලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය පැහැදිලිව සඳහන් කර ඇතැයි ද ආණ්ඩුවේ අයකු වරදක් කළත් අත්අඩංගුවට ගත හැකි අයුරින් බලවත් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේ යැයි ද රංග දිසානායක අවධාරණය කළේ ය.
එම නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරන නඩු දේශපාලන පළිගැනීම් ලෙස අර්ථකථනය කරන දේශපාලකයන්ගෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත කියවන්නැයි තමා ඉල්ලා සිටින බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වන විට මහා පරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර එම පැමිණිලිවල ලිපි ගොනු වසර ගණනාවක් තිස්සේ විමර්ශන ආරම්භ නොකර තිබී ඇතැයි ද ඔහු පැවසීය.
ඉන් පැමිණිලි බහුතරයක් පැවති ආණ්ඩුවල ඇමතිවරුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇතැයිද පැමිණිලිවල විමර්ශන කඩිනමින් අවසන් කර වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයිද ඔහු පැවැසීය.
2026 මාර්තු 1 වන දා වනවිට අල්ලස් කොමිසමේ බලය විමධ්‍යගත කරන්නේ යැයිද දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවන කොමිසම් කාර්යාල හරහා විමර්ශන ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරන්නේ යැයිද ඔහු කීය.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්