'ගොවිබිමට පුනරුදය' අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000 ක් සඳහා ගොවි සංවිධාන 1,000 ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000 ක් ලබාදීම මේ යටතේ සිදුකෙරේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ.
මැතිවරණ කටයුතු අවසන් වූ පසුව මැයි 15 වැනිදා සිට මෙම කොන්ත්‍රාත් ප්‍රදානය ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව ගොවි බිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදු කෙරේ.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්