අමෙරිකාව පැනවූ තිරූබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හොඳ අවස්ථාවක් තිබුණු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අනුව අමෙරිකානු උප ජනාධිපතිවරයා ඉන්දියාවේ දින 04 ක සංචාරයක නිරත වූ බවත්, එම අවස්ථාවේදී ඉන්දියානු අගමැතිවරයාට කතාකර අවස්ථාවක් ලබාගෙන ගොස්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සිදුවූ කාල වකවානුව තුළ අමෙරිකානු ජනාධිපති ධුරය දැරූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවා තිබූ බවත්, එහිදී අනාවරණය වූයේ සහරාන් ඇතුළු පිරිස ISIS කණ්ඩායම් සමඟ එක්ව සිදුකළ ක්‍රියාවක් බව යැයිද, නමුත් වත්මන් රජය ප්‍රකාශ කරන්නේ මේ පිටුපස තවත් මුස්ලිම් පිරිස් සිටින බවයැයි උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජනපති විපක්ෂ නායකවරයාට හොඳ ප්‍රකාශ කරන බවත්, නමුත් තමන්ට චෝදනා එල්ල කරන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්