ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානු වේලාවෙන් අද උදෑසන 10.30 ට ආරම්භ විය.
ඒ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදී ය.
අවමංගල්‍ය දේව මෙහෙය වතිකානයේ ප්‍රමුඛතම නිලයක් වන කැමර්ලින්ගෝ නිලය හොඹවන අතිඋතුම් කාදිනල් කෙවින් ෆ්‍රැරල් විසින් මෙහෙයවයි.
ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ඇතුළු ලෝක නායකයන් රැසක් එක්වී සිටී.
මේ අතර පාප්වහන්සේට අවසන් ගෞරව දැක්විමට සහ උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගිවීම සදහා ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි ද ඒක්වූහ.
සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වතිකානුවට ගොස් උන්වහන්සේට අවසන් ගෞරවය දැක්වීම සඳහා වෛද්‍ය කවින්ද ජයවර්ධන හා හෙක්ටර් අප්පුහාමි සමග ඉතාලියේ ප්‍රිවෙන්සි නගරයේ ජීවත්වන රෝහිත ක්ලාසිඩෝ ද එක්ව සිටියේය.
ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙකෝටි විසි ලක්ෂයක ජනතාව වෙනුවෙන් තමන් පාප් වහන්සේට ගෞරවය පුද කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වතිකානයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
අපේ රට හා ජනතාව කෙරෙහි ආදරයක් හා උනන්දුවක් දැක් වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2019 පාස්කු ඉරු දින ප්‍රහාරයට සාධාරණය ඉටු කිරීමටත් හඬ නැගූ අතර ඒ සඳහා මැදිහත් වී කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම 2025 පාස්කු ඉරුදින උන්වහන්සේ ලෝකයේ ජනතාවට ආශිර්වාද කරමින් යාඥා කළේ ලෝක සාමයයි. එහිදී ඊශ්‍රායලය , පලස්තීනය , යුක්‍රේනය හා රුසියාව යන රටවල ජනතාවට සාමය ප්‍රාර්ථනා කළ බවත් කාවින්ද ජයවර්ධන සදහන් කළේය.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්