Lanka You News
මැයි දින සැමරුමට රට පුරා වැඩකරන ජනතාව සුදානම්
ඉන්සියුලින් හිඟයක් නෑ – රජය අවධාරණය කරයි

ඉන්සියුලින් හිඟයක් නෑ – රජය අවධාරණය කරයි

ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි. ඔහු සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවයි. ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා මාස හතරත් හයත් අතර කාලයක් සඳහා ඖෂධ තොග පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඇතැම් ඖෂධවල වරින් වර හිඟයන් මතු වන්නේ පසුගිය දෙවසර තුළ ඇති වූ විවිධ හේතූන් බව මාත්‍යවරයා සඳහන් කරයි. සැපයුම්කරුවන්ගේ දුර්වලතා ද මේ සඳහා බලපා ඇති බවත් එය වළක්වා ගැනීම සඳහා රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon