පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු පිහිටුවන සර්වජන සභා තුළින් හොරණ ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ හොරණ පොකුණුවිට ප්‍රදේශයේ අද (30) පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසුවේ දාර්ශණික ප්‍රවේශය තුළින් ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණ කර ගැනීමට යන ගමනේ සර්ව ජන සභා තුළින් ව්‍යවසායකත්ව මනස පෝෂණය කර ඒ තුළින් හොරණ ජනතාවගේ ව්‍යවසායකත්ව මනස පෝෂණය කර හොරණ ජනතාව නගාසිටුවීම කිසිවෙකුටත් වැළෑක්විය නොහැකි බවයි.
“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.
දෙපයින් නැගිට බලන්න”
“The great are only great because we are on our knees. Let us rise”
Pierre Joseph Proudhon