Lanka You News
මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

 

ඒ අනුව අදාළ පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව මියගිය තරුණයාගේ දේහය යළි ගොඩගත් බව සඳහන් කළේය.

 

ඒ අනුව ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් එම දේහය යළි පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ බවත් එහි මූලික වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ දේහයෙන් ලබාගන්නා ඇතැම් කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබෙන බවත් පොලීසිය පැවසුවේය.

 

ඒ අනුව මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් විසි දෙදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන් සාක්ෂිකරුවන් පස්දෙනෙකුට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

 

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම සාක්ෂිකරුවන්ට ලබන 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළේය.

දේශීය පුවත්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

1 hour ago
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා   - යුරෝපා සංගමය

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා - යුරෝපා සංගමය

1 hour ago
බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

3 hours ago
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

4 hours ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

4 hours ago
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

4 hours ago
පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

6 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

7 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

19 hours ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්