Lanka You News
සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්
නිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි

නිතීඥවරයා පැමිණි පසු අල්ලස් කොමිසමේ පෙනී සිටින බව රනිල් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශයකින් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ මස 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම ඊයේ යලි දැනුම්දීමක් කර තිබුණි. ඒ අනුව විදෙස් ගත වී සිටින තම නීතිඥවරයා මෙරටට පැමිණි පසු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. පසුගිය 17 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද අලුත් අවුරුදු සමය හේතුවෙන් එදිනට පෙනී සිටිය නොහැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබුණි. ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක කටයුතු කළ සමයේ පළාත් සභාව, රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු කිහිපයක මුදල් කල් පිරීමට පෙර ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදා හැර සිටි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, එම සිදුවීම තමන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ සිදුවූවක් වන අතර එවකට ඌව පළාතේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක අදාළ මුදල් ලබා ගත්තේ, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව බවයි.

දවසේ නුවණැස

අපි සහෝදරයන් මෙන් ජීවත් විය යුතු වෙමු. නො එසේ නම් මෝඩයන් මෙන් විනාශ වී යා යුතු වෙමු.

 

We must live together as brothers or perish together as fools

 

Martin Luther King Jr.