Lanka You News
සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්
දිස්ත්‍රික්ක 9 ක ගොවීන්ගේ පොහොර සහනාධාරය අද ගිණුම් වෙත

දිස්ත්‍රික්ක 9 ක ගොවීන්ගේ පොහොර සහනාධාරය අද ගිණුම් වෙත

යල කන්නයේ දිස්ත්‍රික්ක 9 ක ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර මුදල් අද ඔවුන්ගේ බැංකු ගිණුවලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරීස් ජනරාල් රෝහණ රාජපක්ෂ පවසයි. ඒ අනුව රුපියල් මිලියන 120 ක මුදලක් බැංකු ගිණුම්වලට බැරකෙරෙනු ඇති බවයි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ. මේ අතර යල කන්නයේ කුඹුරු වැඩ ආරම්භ කිරීමට පෙර සියලු ගොවීන් මී උණ වැළැක්වීමේ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. එම ඖෂධ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ලබා ගත හැකියි.

දවසේ නුවණැස

අපි සහෝදරයන් මෙන් ජීවත් විය යුතු වෙමු. නො එසේ නම් මෝඩයන් මෙන් විනාශ වී යා යුතු වෙමු.

 

We must live together as brothers or perish together as fools

 

Martin Luther King Jr.