Lanka You News
පුටින්ගෙන් යුක්‍රේනයට දින තුනක සටන් විරාමයක්
කොලොම්බියාවේ කහ උණ වසංගතයක්

කොලොම්බියාවේ කහ උණ වසංගතයක්

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා වී ඇති අතර, ඉන් 34ක්ම මියගොස් ඇත. පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතටය. ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට පියවර ගෙන ඇත. කහ උණ ආසාදනය වන්නේ ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන වෛරසයක් මගින්ය. කෙසේ නමුත් එන්නත්කරණයෙන් මෙම කහ උණ ආසාදනයවීම වළක්වා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව පාස්කු නිවාඩුවට පෙර එන්නත්කරණයට ලක්වන ලෙසට එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell