සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.
දළදා වහන්සේ වන්දනා කරගැනීම සඳහා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් නිසාම අද මහනුවර ප්‍රදේශයම පුදුමාකාර ජනාකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් මේ හේතුවෙන් දළදා වහන්සේ වන්දනා කරගැනීමට තිබෙන ඉඩකඩවල අඩුවක් පවතින බවත් දියවඩන නිලමේවරයා පැවසීය.
ඒමෙන්ම පාරිසරික වශයෙන් සහ සනීපාරක්ෂක වශයෙන් පහසුකම් සපයාදීමේ අවහිරතාවයන්ට මුහුණදීමට සිදුව තිබෙන බවත් ඒ අනුව මහජනතාවගේම පහසුව තකා මෙම වන්දනාවාරය කලින් නියමකරගත් පරිදිම අප්‍රේල් 27 දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්