Lanka You News
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
දේශබන්දු පරීක්ෂණ කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

දේශබන්දු පරීක්ෂණ කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ කමිටුවේ විමර්ශන සඳහා සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස වැඩ බලන පොලිස්පතිට එම කමිටුවෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

 

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නි⁣යෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ කමිටුවේ සහයට පත් කළ බවයි.

 

මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබේ.

 

 

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්