Lanka You News
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
දේශබන්දු අධීකරණයට අපහාස කළැයි නඩු

දේශබන්දු අධීකරණයට අපහාස කළැයි නඩු

ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

 

ඒ මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා අධීකරණයෙන් පිටව යන අවස්ථාවේදීය.

 

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්