Lanka You News
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙයි - 28ක් රෝහලේ

පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙයි - 28ක් රෝහලේ

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්