පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම දෙවන දිනය අදයි.
ඒ අනුව අද (25) දිනයේ මෙන්ම අප්‍රේල් 28 සහ 29 යන දෙදින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
සිරි දළදා වන්දානවේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විශේෂ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.
එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.
ඒබ්‍රහම් ලින්කන්