ලලිත් ඇතුළත් මුදලි ඝාතනය වී වසර 32 ක් සපිරීම වෙනුවෙන් ඔහුගේ පිළිරුව අබියසදී පුෂ්පෝපහාර දැක්වීමේ වැඩසටහක් ඊයේ පැවැත්වුණා.
ඒම අවස්ථාවට ඒක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ මේ අවස්ථාවේ සැවොම නිර්දේශපාලනීකරණය වී රට ගැන සිතිය යුතු බවයි.
අද ලලිත් ඇතුළත්මුදලි වැනි දක්ෂ දේශපාලනඥයන්ගේ හිඟයක් අැති බවත් අපි ඔවුන් ගමන් කළ මාර්ගයේ ගමන් කළ යුතු බවත් පැවසු රවි කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ මොහොතේ සියලුදෙනා නිර්දේශපාලනීකරණය වී රට ගැන සිතිය යුතු බවයි.
මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක් වීමේ සාකච්ඡා නැවත ආරම්භ වන බවත් ඔහු සදහන් කළා.
ඇමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් සියලු පක්ෂ කැඳවා සර්ව පාක්ෂික සමුළුවක් ෙලස තීරණ ගැනීම මන්ත්‍රීවරයා අගය කළේය.
රජයේ නිලධාරීන් ද නිසි ලෙස කටයුතු කළ යුතු බවත් නැතිනම් රජයකට ඒ ගැන වගකීමට සිදුවන බවත් ජනතාවගේ ජීවන තත්ත්වය සැහැල්ලු කරන්නේ කෙසේදැයි සිතිය යුතු බවත් රවි කරුණානායක මන්ත්‍රීවරයා සදහන් කළේය.
ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.
එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.
ඒබ්‍රහම් ලින්කන්